Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

සංචරණ සීමා පැන වුවත් තත්ත්වය පාලනය කරගැනීමට හැකි වේද යන්න ගැටළු සහගතයි

By News Team on August 9th, 2021 in Local

දිනෙන් දින වර්ධනය වන කොරෝනා මරණ ගණන සහ ආසාධිතයින් යම්කිසි මට්ටමකට හෝ පාලනය කර ගැනීමට නම් හැකි ඉක්මණින් නැවත වතාවක් දැඩි සංචරණ සීමා පැනවීය යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබාදෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ මොහොතේ සංචරණ සීමා පැන වුවද වසංගත අවධානම පාලනය කර ගැනීමට හැකි වේද යන්න සම්බන්ධයෙන් පවතින්නේ ගැටළු සහගත තත්ත්වයක් බවයි.