Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

බැනුම් අහන එක අපේ පවුලට සාමාන්‍ය දෙයක් – හැබැයි හෙට ඡන්දයක් තිබ්බොත් හෙට පරාදයි – රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ

By News Team on October 25th, 2021 in Local

කුමන චෝදනා සහ අවලාද නැගුවද රසායනික පොහොර තහනම් කිරීමට රජය ගත් තීරණය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව කාබනික පොහොර නිෂ්පාදනය පිළිබද රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා.

බදුල්ල දිස්ත්‍රික්කයේ ගොවීන් සදහා කාබනික පොහොර ලබාදීමේ වැඩිසටහනකට එක්වෙමින් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කාබනික පොහොර වගාවට හුරුවීමේ තීරණය මහජනතාව වෙනුවෙන් ගත් තීරණයක් මිසක් මැතිවරණ ජයග්‍රහණය අරමුණින් ගත් එක්ක නොවීම හේතුවෙන් එය මැතිවරණ පරාජයට හේතුවක් විය හැකි බවයි.

”මැතිවරණයකට ඉදිරිපත් වෙන දේශපාලනඥයෙක් ගන්නේ නැති තීරණ තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගත්තේ. මේක පැහැදිලිව කියන්න ඕන. හෙට ඡන්දයක් තිබ්බොත් අපේ හාමුදුරුවනේ අපි පරාදයි. වස විස කාලා මේ රටේ මිනිස්සු මැරුණත් කමක් නැහැ, මගේ ඡන්දය මම දිනනවා කියන මතයේ ඉදගන නෙමෙයි, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ තීරණය ගත්තේ” හදවතට එකඟව සිදු කරන්නේ, නිවැරදි ක්‍රියාවක් නම්, කෙතරම් අවලාද එල්ල වුව ද ඒවා නොතකා ගමන ඉදිරියට යනවා.”

”බැණුම් අහන එක දැන් අපේ පවුලේ සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ. හැබැයි හදවතින් අපි කරන්නේ නිවැරදි වැඩේ නම්, හරි වැඩේ නම් මොන තරම් අවලාද අපිට යෙදුවත්, අපි අපේ ගමන අනිවාර්යෙන් යන එක යනවා කියන එක මම කියනවා. පොඩි අතපසුවීමක් වුණා. මගේ අදහස තියෙන්නේ ජෛව දියර පොහොර ඒ තාක්ෂණයත් එක්ක යන එක. නමුත් යම්කිසි ආකාරයකින් ඵලදාවේ අඩුවක් ආවොත් අපිට සැකයක් තිබුණා අපි කොහොමද මේකට මුහුණ දෙන්නේ? යම් කිසි වගාවේ අඩුවක් වුනොත්, ඒ වගාව පිළිබඳව රජයක් හැටියට අපිට වගකීමක් තියෙනවා. යම් අඩුවක් වුනොත් ගොවි රක්ෂණ මණ්ඩලය විසින් සියලුම ගොවියන්ට අවශ්‍ය ඒ වන්දි ලබා දිම, අපි කරනවා. කිසිම සැකයක් තියා ගන්න එපා. රජයක් විදිහට අපි ආවට ගියාට හිතුමතේ තීරණ ගන්නේ නැහැ. ඒ සියල්ල පිළිබඳව හොද අවබෝධයෙන් තමයි අපි කටයුතු කරන්නම”