Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ස්විට්සර්ලන්තය පුරවැසිකම අතහැරිය එක අපරාදේ – ගීතා කුමාරසිංහ

By News Team on November 7th, 2021 in Gossip

තමන් සුරපුරයක් වැනි ස්විට්සර්ලන්තය පුරවැසිකම අතහැර දැමීම අපරාධයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.

දැන් ගමට ආ විට පොහොර නෑ, වතුර නෑ කියා ජනතාව බනින බවයි කියා සිටින්නේ.

‘2020 පාරවල් ටික කරලා නෑ තවම. මහ විසාල බර මුදලක් හැම ගමටම ලක්ෂ විස්සක පාරක්..හේතුව සිමෙන්ති නෑ.. මං නං අනේ හොඳම කට්ට කාපු එක්කෙනානෙ.

අර ස්විට්සර්ලන්තෙ වගේ සුරපුරයක් වගේ රටේ පුරවැසිකම අතඇරල දැම්මා. ගමට ආවම බැනුම් වතුර නෑ උඹ අපට වතුර දෙන් නැද්ද.. මොනව කරන්නද මම දුවනව හතර වටේ. කාට කියන්නද කාගෙ වරදද කියල දන්නෙ නෑ මම.

එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා ලස්සණට කිව්වා.. කෝ අර චිත්‍රෙ ඇඳපු ළමයි කෝ කියල කිව්වා..අනේ උන් ඇවිල්ල අපේ දෙපතුල ගාව වැඳ වැටිලා රස්සා දෙන්න කියල මොනකරම් ඉල්ලීම් කළාද.. කොහෙන් දෙන්නද. අනේ මගේ ගාමන්ට් ෆැක්ට්‍රීස් වලිනුත් බාගයක් වහලා.. නැත්නම් මං අඩුගානෙ උන්ව ඒවට දාගන්නවා.

දැන් නං හිතෙනවා ඒව ටික කරගත්තනං තව මොකක් හරි කරගන්නව කියලා.. අන්තිමට ඒවත් කරගන්න බැරිවුණා.

දැන් පොහෝර කතන්දරේ ආවා.මේ පොහෝර වැඩේනම් ජනතාව ලොකු කරදරේක දාපු කතන්දරයක්. අනේ කුරුදු ටික අනේ තේ ටික එහෙන් කුඹුරු ටික ගොවීන්ට කරගන්න විදිහක් නැහැ පොහෝර නැතිව. මේ එකක්වත් කරගන්න බැරිවෙද්දී මිනිස්සු ආණ්ඩුවට බණිනවා.

දැන් ඉන්දියාවෙන් පොහෝර ගෙන්වනවා විශාල මුදල් දිදී.හාල් අපනයනය කරනවා.අපිට හාල් අතිරික්තයක් තිබ්බා.මේ ගෙන්වන හාල් මොනවා දාලා හදලා ද කියලා කවුද දන්නේ.අපිට් මේ ගෙන්වන හාල් ෂුවර් නැහැනේ.කවුද දන්නේ මේ මොන හාල් ද කියලා”.