Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අන්තර්ජාලය ඔස්සේ විකුණු දැරිය පියා අතිනුත් අතවරයට ලක්වී ඇති බව හෙළි වෙයි

By News Team on July 13th, 2021 in Local

වයස අවුරුදු 15 දැරියක අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සදහා අලෙවි කිරිමේ සිද්ධියට අදාලව පැවැත්වෙන විමර්ශණවලට අදාලව මේ වන විට සැකකරුවන් 41 දෙනෙක් පමණ වරින්වර අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.

මෙම දැරිය 2018 වසරේදි තම පියා අතින්ද දූෂණය වී ඇතැයි අනාවරණ වු අතර ඒ අනුව සැකකාර පියා හා මෙම අපරාධ සදහා ආධාර අනුබල දුන් අදාල දැරියගේ මවද පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවයි අදාල නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම සිද්ධියට අදාල විමර්ශණ සම්බන්ධයෙන් විශේෂ කරුණු පැහැදිලි කිරිමක් කරමිනුයි පොලිස් මූලස්ථානය මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු අංශ රැසක් මෙම විමර්ශණය මෙහෙයවන බවත් දුරකථන වාර්තා, අන්තර්ජාල වෙබ් අඩවි, බැංකු වාර්තා මෙන්ම සිසිටීවි දර්ශන ආශ්‍රිත විවිධ පැතිකඩ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.

ලිංගික ක්‍රියා සදහා යොදා ගැනෙන වෙබ් අඩවි කිහිපයක් තහනම් කිරිමට පොලිසිය අධිකරණයෙන් ඉල්ලිම් කර ඇති අතර අධිකරණය ඒ පිළිබද විදුලි සංදේශ නියාමන කොමිසමෙන් තොරතුරු විමසා තිඛෙනවා.

මේ සම්බන්ධයෙන් අන‍ශ්‍ය උපදෙස් ලබාදිම සදහා නීතිපතිවරයා විසින් අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයෙකු ඇතුලු රජයේ නීතිඥයවරුන් කිහිප දෙනෙක් පත් කර ඇති බවද අදාල නිවේදනයේ සදහන්.

මෙතෙක් අත්අඩංගුවට පත්ව ඇති සැකකරුවන් කොළඹ අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 06 වෙත ඉදිරිපත් කිරිමට නියමිත අතර කඩිනමින් විමර්ශණ අවසන් කර සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීම මුලික අපේක්ෂාව බවයි පොලිස් මුලස්ථානය නිවේදනය කරන්නේ.