Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ කිසිඳු ක්‍රීඩකයෙක්ට කොරෝනා ආසාධිත වී නොමැති බවට තහවුරු වෙයි

By News Team on July 12th, 2021 in Sport

එංගලන්තයේ සංචාරයට ගොස් පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කිසිඳු ක්‍රීඩකයෙකුට කොරෝනා ආසාධිත වී නොමැති බව තහවුරු වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර තොරතුරු වාර්තා කළේ ඒ අනුව ඔවුන් සියලු දෙනාට හුදකලා තත්ත්වයෙන් පිටතට පැමිණීමට අවසර ලබාදී ඇති බවයි.

කෙසේ වෙතත් පුහුණුකරුවන් සහ සහාය කාර්ය මණ්ඩලය ලබන බදාදා දක්වා හුදකලා සිටිය යුතු බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණුවීම් ආරම්භ කිරීමට තවත් දින කිහිපයක් ගත වනු ඇති.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් සහ දත්ත විශ්ලේෂක ජී. ටී. නිරෝෂන් කොරෝනා ආසාධිතයින් ලෙස හඳුනා ගැනීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා හුදකලා කෙරුණා.

කෙසේ වෙතත් ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරඟය ලබන ඉරිදා කොළඹ R ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි මේ වන විට සැලසුම් කර ඇත්තේ.