Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන සෑහීමකට පත් වන්නේ නැහැ – අගරදගුරු හිමි

By News Team on July 13th, 2021 in Local

පාස්කු ප්‍රහාරය සම්බන්ධ සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ තවමත් සෑහීමකට පත් නොවන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසනවා.

උන් වහන්සේ මේ බව සඳහන් කළේ අද (13) කොළඹ අගරගුරු නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී කාදිනල් හිමි කිට සිටියේ පාස්කු ප්‍රහාරය වත්මන් තත්ත්වය මෙන්ම එහි පරීක්ෂණ හා විමර්ශන පිළිබඳ අදහස් ඇතුලත් ලිපියක් අද (13) දිනයේ දී ජනාධිපතිවරයා වෙත යොමු කෙරෙන බවයි.

මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් දක්වමින් කාදිනල් හිමි කියා සිටියේ,

“ජනාධිපතිවරයාට අද ලිපියක් ලබාදෙනවා. පස්කු ප්‍රහාරයේ විමර්ශන විග්‍රහ කරලා බලලා තමයි මේ ලියවිල්ල සකස් කළේ. අපි බලාපොරොත්තුවෙනවා මීට වඩා සක්‍රීය විමර්ශනයක්. පාස්කු ප්‍රහාරය පිළිබඳ තත්ත්වය රටේ ආරක්ෂාවට ලොකු බාධාවක් යන නිගමනයෙන් තමයි අපි හිටියේ. ඒ පිළිබඳව අපි සියලුම දේශපාලන පක්ෂවලට දැන්වූවා. ඒ දේශපාලන පක්ෂවල නායකත්වය අද වෙනතුරු අපිට සෑහීමකට පත්විය හැකි ආකාරයෙන් මෙම විමර්ශන සිදුකරනවා කියලා අපිට කියන්න බැහැ. අපි රජයෙන් ඉල්ලා සිටිනවා, මේ විමර්ශන උඩින්පල්ලෙන් කරලා කිහිප දෙනෙකුව උසාවියට ගෙනල්ලා මේ කාරණාව ඉවරයි කියලා ඒක කාපට්එක යට දාන්න කටයුතු කරන්න එපා. නඩු 20ක් 30ක් දාලා ජනතාව සතුටු කරන්න පුළුවන් කියලා ආණ්ඩුව හෝ ඒ ආයතන හිතනවා නම් ඒක තමන්වම රවට්ටා ගැනීමක් පමණයි. අපි මේ අරගලය මෙතනින් නිමා කරන්නේ නැහැ.”