Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

මම සහ ඉරාජ් අතර සමීප සබඳතාවක් නැහැ – යෝෂිත රාජපක්ෂ

By News Team on August 26th, 2021 in Exclusive Story

නව පරපුරේ ගායක ඉරාජ් වීරරත්න සම්බන්ධයෙන් පළවන සමාජ වාර්තා පිළිබඳ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

එහිදී ඔහු කියා සිටින්නේ තමා විසින් සිදුකළ පහර දීමක් හේතුවෙන් තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක ධුරයක් දැරූ ඉරාජ් වීරරත්න මහතා තනතුරින් ඉල්ලා අස්වූ බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍යය බවයි.

මෙරට ප්‍රමුඛ පෙළේ ඉංග්‍රීසි පුවත්පතකට ප්‍රකාශයක් ලබාදෙමින් යෝෂිත රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර තිබෙනවා.

තමා සහ ඉරාජ් අතර සමීප සබඳතාවක් නොතිබූ බවයි ඔහු පුවත්පත ප්‍රකාශ කර ඇත්තේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටින්නේ ඉරාජ් අවසන් වරට දුටුවේ මීට කලකට ප්‍රථමව පැවැති උත්සවයකදී බවයි.

ජාතික තරුණ සේවා සභාව ඉරාජ් වීරරත්න මහතා ඊයේ (25) ඉල්ලා අස් වූ අතර ඒ බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ලිඛිතව දැනුවත් කිරීමට කටයුතු කර තිබුණා.