Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

IOC ඉන්ධන හල් හිමියන් අර්බුධයක – IOC සමාගම ඉන්ධන නිකුත් කිරීම අතරමඟ නවතා දමයි?

By News Team on October 16th, 2021 in Exclusive Story

ලංකා IOC ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන නිකුත් කිරීම ඉන්දීය ඔයිල් සමාගම විසින් අත්හිටුවා ඇති බව වාර්තා වනවා.

දිනපතා පුවත්පතකට අදහස් දක්වමින් IOC ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති කෝසල විදාන පතිරණ මහතා කියා සිටියේ ඉන්ධන බෙදා හැරීම අත්හිටුවීම හේතුවෙන් ලංකා IOC ඉන්ධන පිරවුම්හල් හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවයි.

IOC සමාගම පසුගියදා ඉන්ධන මිල ඉහළ දමන බවට ප්‍රකාශ කළ අතර ඒ ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 15කිනි.

එවැනි ඉහළ දැමීමේ පසුබිමක් හමුවේ ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්ධන මිල ඉහළ යනු ඇති බවට පලවන පුවත් හමුවේ ඇතැම් ඉන්ධන හල් හිමියන් ඉන්ධන තොග ගබඩා කිරීමට ද පෙළඹී ඇති බවද සඳහන් වනවා.

IOC ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති කියා සිටින්නේ දින දෙකකට වරක් පමණක් ලැබෙන ඉන්ධන ඇණවුම්මේ වන විට දිනපතා ලැබෙමින් පවතින බවයි.

කෙසේ වෙතත් IOC සමාගම ප්‍රකාශ තිබෙන්නේ දිනපතා ඉන්ධන සැපැයුම් ලබාදීමට නොහැකි තත්ත්වයක් පවතින නමුත් කිසිඳු අවස්ථාවක ඉන්ධන බෙදා හැරීම අත්හිටුවා නොමැති බවයි.