Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

නාරෙහෙන්පිට පෞද්ගලික රෝහලක තිබී හමුවූ ඇත බෝම්බය ගැන පරීක්ෂණ CCDයට භාර දෙයි

By News Team on September 15th, 2021 in Local

නාරාහේන්පිට පෞද්ගලික රෝහලක තිබී අත් බෝම්බයක් හමුවීමේ සිද්ධියේ විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාශයට භාරදී තිබෙනවා.

එමෙන්ම නාරාහේන්පිට පොලිසියද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවන බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම අත්බෝම්බය රෝහල් පරිශ්‍රයට ගෙනවිත් දමා ඇත්තේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන් හඳුනාගැනීමට මේ වනවිට සීසීටීවී කැමරා දර්ශන ආශ්‍රයෙන් පොලීසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

රෝහලේ පළමු මහලේ වැසිකිළියක් තුළ ආරක්ෂිත ඇණය ගලවා දැල්වෙන මදුරු දගරයක අමුණා පසුව පුපුරායන ලෙසයි මෙම අත්බෝම්බය සකස් කර තිබී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් රෝහලේ සේවකයෙකු ඇතුළු 03 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.