Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මොඩර්නා එන්නත් ගැන අසත්‍ය තොරතුරු පතුරුන අය සොයා විමර්ශන ඇරඹේ

By News Team on July 22nd, 2021 in Local

මොඩර්නා එන්නත් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය කරුණු ප්‍රචාරය කරන පුද්ගලයින් සොයා විශේෂ මෙහෙයුමක් පොලීසිය විසින් ආරම්භ කර තිබෙනවා.

මහනුවර මහ රෝහලේ නීති වෛද්‍ය නිලධාරියා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුවයි මෙම පොලිස් මෙහෙයුම ආරම්භ කර ඇත්තේ.

ඔහු සිදුකළ පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ ඇතැම් පිරිස් විසින් පුද්ගලයින් මොඩර්නා එන්නත් ශරීරයට අහිතකර බවත් එයට නැනෝ තාක්ෂණය මුසු කර ඇති බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පළ කර ඇති බවයි.

ඒ අනුව මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතුව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ විමර්ශනයක් සිදු කරන බවයි.