Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

IS සාමාජිකයෙකු සමඟ සබඳතා පැවැත්වූ ලාංකිකයන් 702ක් ගැන විමර්ශන ඇරඹේ

By News Team on November 2nd, 2021 in Local

ඉන්දියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රබල අයි එස් සාමාජිකයෙකු සමග සබඳතා පැවැත්වූ බව කියන ශ්‍රී ලාංකිකයන් 702 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

මොහොමඩ් සම්සුදින් නම් අයි එස් සාමාජිකයෙකු පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණේ ඉන්දීය රාජ්‍ය බුද්ධි අංශය විසිනුයි.

ඔහුගේ වට්ස්ඇප් ගිණුමේ තිබී ශ්‍රී ලාංකිකයන් 702 දෙනෙකු සමග සබඳතා පැවැත්වූ තොරතුරු හමුවී ඇතැයි ත්‍රස්ත මර්දන කොට්ඨාශය අධිකරණයට දැනුම් දී තිබෙනවා.

අදාළ ගිණුමේ තිබී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන බෝම්බකරුවෙකු ලෙස කටයුතු කල සහරාන් හෂීම් ගේ ඡායාරූප සහ දේශනද සොයාගෙන ඇතැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියා.

මෙම 702 දෙනා අතුරින් එක් අයෙකු මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇති බවද අධිකරණය හමුවේ අනාවරණය කෙරුණා.

ඔහු රඳවාගෙන අයි එස් සබඳතා පිළිබඳ විමර්ශන සිදුකරන බවයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වැඩිදුරටත් සඳහන් කළේ.