Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

පැන්ඩෝරා ලේඛණවල ශ්‍රී ලාංකික නම් ඇති අය ගැන විමර්ශනය කර මසක් තුල වාර්තාවක් දෙන්න – ජනපතිගෙන් අල්ලස් කොමිසමට නියෝග

By News Team on October 6th, 2021 in Local

මහා පරිමාණ මූල්‍ය වංචා පිළිබඳ හෙළිදරව් කිරීම් ඇතුළත් පැන්ඩෝරා ලේඛණවල නම් අඩංගු ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අල්ලස් කොමිසමේ සභාපතිවරයාට නියෝග කර තිබෙනවා.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියාසිටියේ මාසයක් ඇතුළත එම වාර්තාව ලබාදෙන ලෙස ජනාධිපතිවරයා විසින් නියම කර ඇති බවයි.

මේ අතර වෙනම පරීක්ෂණයක් ඉල්ලා සමගි ජන බලවේගය විසින්ද අද දිනයේදී අල්ලස් කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොණු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කලා.

පැන්ඩෝරා ලේඛණ හරහා මූල්‍ය වංචාවලට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ නම් හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයට ආණ්ඩුව වහාම විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අවධාරණය කලා.

ඊට අමතරව සියලූ බලතල සහිත විශේෂ විමර්ශන කමිටුවක් හරහා අදාල හෙළිදරව් කිරීම පිළිබඳව විනිවිද පෙනෙන අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.