Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඕස්ට්‍රේලියාවට නැවතත් ජාත්‍යන්තර සිසුන් පැමිණේ

By News Team on November 21st, 2021 in International

ඕස්ට්‍රේලියාවට වසර දෙකකට පසු නැවතත් ජාත්‍යන්තර සිසුන් පැමිණීම අද (21) ආරම්භ වුණා.

සිංගප්පුරුව සහ ඕස්ට්‍රේලියාව අතර ගුවන් සංචාරක බුබුළ අද (21) සිට ආරම්භ කිරීමත් සමඟ එරට සිට ගුවන් යානයක් දෙකක් ඕස්ට්‍රේලියාවට ගොඩබැසීවීමත් සමඟයි.

මෙම ගුවන් යානා මෙල්බර්න් සහ සිඩ්නි ගුවන් තොටුපොළ වෙත ළඟා වී තිබෙනවා.

මෙලෙස පැමිණෙන සිසුන්ට පුර්ණ එන්නත්කරණයට ලක්වූ කිසිවෙකු නිරෝධායනය ලක්වීම අවශ්‍ය වෙන්නේ නැහැ.

මේ අතර මීළඟ ජාත්‍යන්තර සිසුන් කණ්ඩායම ලබන 07 වනදා සිඩ්නි ගුවන් තොටුපොළ පැමිණීමට නියමිතව තිබෙනවා.