Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ජාත්‍යන්තර අරමුදලෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 800ක මුදලක් ප්‍රදානයක්

By News Team on July 12th, 2021 in Exclusive Story

ශ්‍රී ලංකාවේ ආර්ථික ශක්තිය වර්ධනය කරගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 800ක මුදල් ලබන අගෝස්තු මාසයේ දී ලැබීමට නියමිත බව වාර්තා වනවා.

මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේ මෙම මුදල ප්‍රදානයක් මිස නැවත ගෙවිය යුතු ණය මුදලක් නොවන බවයි.

සිය සාමාජික රටවල් වෙත ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලෝක කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන අමෙරිකානු ඩොලර් බිලියන 6ක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

ඩොලර් මිලියන 800 ශ්‍රී ලංකාවට ලැබෙනුයේ ඒ වැඩපිළිවෙල යටතේ බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ලෝක ආර්ථික අවපාතයක් පැවැති කාලයේ දී මුල්‍ය අරමුදල සිය සාමාජික රටවලට මෙවැනි ප්‍රදානයක් කළ අතර එහිදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 510ක මුදලක් ලැබුණු බවයි.