Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඇෆ්ඝනිස්ථානයේ අන්තර්වාර රජය පත් කෙරේ

By News Team on September 8th, 2021 in International

තලේබාන් සංවිධානය විසින් ඇෆ්ඝනිස්ථානයේ නව අන්තර්වාර රජය ඊයේ (07) දිනයේ ප්‍රකාශය පත් කරනු ලැබුවා.

මෙම අමාත්‍ය මණ්ඩලයට කිසිඳු කාන්තාවක් ඇතුලත් නොවීම විශේෂත්වයක්.

පසුගිය 20 වසර පුරා අමෙරිකාවට එරෙහිව සටන් වැදි ප්‍රබල සටන්කාමීන් ගණනාවක් අදාළ අමාත්‍ය මණ්ඩලයට ඇතුළත් වනවා.

රජයේ ප්‍රධානියා ලෙස දැනට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අසාදු ලේඛන ගත කර ඇති මුල්ලා මොහොමඩ් විසින් පත් කර තිබෙනවා.

FBI වරෙන්තු ලැයිස්තුවට අන්තර්ගත සිරජුඩීන් හක්කානි අභ්‍යන්තර අමාත්‍යවරයා ලෙස පත්වී ඇති අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තවත් ප්‍රබල සටන්කාමීන් රැසක් රජයේ ඉහළ තනතුරුවල පත්වීම් ලැබ ඇති බවයි.