Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

පළාත් අතර දුම්රිය ධාවනය ලබන 1 වනදා සිට ඇරඹේ

By News Team on October 30th, 2021 in Local

සංචරණ සීමා ඉවත් කිරීමත් සමග ලබන 1 වැනිදා සිට අන්තර් පළාත් දුම්රිය ධාවනය කටයුතු ආරම්භ කරවන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසනවා.

ඒ අනුව කාර්යාල දුම්රිය වාර 152ක් පමණ ධාවනයේ යෙදවීමට කටයුතු යොදා ඇති බවයි ඔහු කියා සිටියේ.

මහනුවර, බෙලිඅත්ත, මාතර, ගාල්ල, මහව, කුරුණෑගල, රඹුක්කන, පුත්තලම සිටි මෙම දුම්රිය ධාවනය කිරීමට නියමිතයි.

මේ අතර දුම්රිය මගීන්ට ප්‍රවේශපත් නිකුත් කිරීමට ‘කොවිඩ්’ මර්දන කමිටුවෙන් ඊයේ (29) පැවැති අවසර ලැබී තිබෙනනවා.

හෙට (31) සිට දුම්රිය ප්‍රවේශපත් නිකුත් කළ හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් කියා සිටියේ.

ඒ අනුව නොවැම්බර් මාසය සඳහා වාර ප්‍රවේශපත් 1 වැනිදා සිට නිකුත් කරනු ඇති.