Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

පළාත් අතර පොදු ප්‍රවාහන සේවා අද සිට යළි ඇරඹේ

By News Team on August 1st, 2021 in Local

අද (01) සිට පළාත් අතර පොදු ප්‍රවාහන සේවා යළි ආරම්භ වනවා.

ඒ අනුව බස් රථ සේවා සහ දුම්රිය සේවා සියයට 75කින් පමණ හෙට (02) සිට සක්‍රීය කිරීමට නියමිතයි.

රැකියා සඳහා දෛනිකව පැමිණෙන මඟීන් වෙනුවෙන් අද (01) සිට බස් රථ සහ දුම්රිය යොදවා ඇති අතර දවසේ අනෙකුත් කාලය තුළදී ප්‍රවාහන සේවා සාමාන්‍ය ලෙස ධාවනය නොවනු ඇති.

මේ අතර අද (01) සිට බස් රථ ධාවනය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය රජයට විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව එන්නත් කළ පුද්ගලයින් බස් රථයට ඇතුළු කිරීමේදී ප්‍රමුඛ්‍යතාව ලබාදීමටත් එසේ නොවන පුද්ගලයන්ගෙන් දෙගුණයක ගාස්තුවක් අය කිරීමට යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.