Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අන්තර් සමාගම් සේවක සංගමයෙන් ජනපතිට ලිපියක් – පෞද්ගලික අංශයේ අයටත් රුපියල් 5000 ලබා දෙන ලෙස ඉල්ලයි

By News Team on February 2nd, 2022 in Local

රාජ්‍ය සේවකයන්ට ලබාදුන් රුපියල් 5000 දීමනාව පෞද්ගලික අංශයටත් ලබා දීම සඳහා රජය මැදිහත් විය යුතු බව දක්වමින් අන්තර් සමාගම් සේවක සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ ජීවන වියදම ඉහළ යෑම පිළිබඳ අවධානය යොමුකර එම තීරණය ගන්නා ලෙසයි.

රටේ ඉහළ යන ජීවන වියදම හමුවේ වැඩ කරන ජනතාවට ලබාදෙන සහන සියලු වැඩ කරන ජනතාවට ලැබිය යුතු බවයි එහි සඳහන් වනවා.

අන්තර් සමාගම් සේවක සංගමය අවධාරණය කරන්නේ පෞද්ගලික අංශයේ සේවකයාට ද රුපියල් 5000 ලබාදීම රජයේ වගකීමක් බවයි.

රටේ නිෂ්පාදන ක්‍රියාවලියට සියයට 80ක් පමණ සෘජු දායකත්වය මෙන්ම ශ්‍රම බලකායෙන් සියයට 80ක් පමණ නියෝජනය කරනුයේ පෞද්ගලික අංශයේ සේවකයන් බව අන්තර් සමාගම් සේවක සංගමය පෙන්වා දෙනවා.

ඉන් සියයට 60 ක් පමණ රුපියල් 25,000 කට වඩා අඩු වැටුප් ලබන අය යැයි පවසන අන්තර් සමාගම් සේවක සංගමය රුපියල් 5000 දීමනාව ලබාදීමෙන් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ නොසන්සුන්කාරී තත්වය සමනය කළ හැකි බව ද අවධාරණය කරනවා.