Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ගෘහස්ථ සංගීත සංදර්ශනවලට අවසර ලැබේ – තවත් සීමා කිහිපයකුත් ලිහිල් වෙයි

By News Team on July 16th, 2021 in Local

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සීමා කර තිබු කටයුතු කිහිපයක සීමා ලිහිල් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සත්ව උද්‍යාන, වනජීවී උද්‍යාන, ළමා උද්‍යාන, නවාතැන් ස්ථාන සහ බෝඩීන් නිවාස, ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථාන, ශාලාවන් තුළ පවත්වනු ලබන සංගීත සංදර්ශන පැවැත්වීමට ඒ අනුව අවසර ලැබෙනවා.

දැනට පවතින සංචරණ සීමා ලිහිල් කිරීම යටතේ අද දිනයේ ක්‍රියාත්මක වන පරිදි සංගීත සංදර්ශන ශාලාවක් තුළ පැවැත්වීමට අවසර ලබාදී තිබෙනවා.

කෙසේ වුවත් එළිමහන් සැණකෙළි සහ සංගීත සන්දර්ශන පැවැත්වීමට අවසර හිමි නොවන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවේ සඳහන්ව ඇත්තේ.

ඒ ශාලාවේ ධාරිතාවෙන් 50% ක අසුන් සඳහා සීමාවන්ට යටත්වයි.

සැණකෙළි සන්දර්ශන එළිමහනේ පැවැත්වීමට කෙසේ වෙතත් අවසර ලබා දී නැහැ.

මේ අනුව ආගමික ස්ථාන විවෘතව තැබීමට අවසර ඇති අතර ආගමික උත්සව සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශයන් වෙන වෙනම නිකුත් කිරීමට නියමිතයි.

එමෙන්ම සත්වෝද්‍යාන,වනජීවී උද්‍යාන ආදිය විවෘත කිරීමට නව ලිහිල් කිරීම් යටතේ ඉඩ ලැබෙනවා.

සත්වෝද්‍යානවල ධාරිතාවෙන් 25%ක් නරඹන්නන් ඇතුළු කිරීමට නව ලිහිල් කිරීම් යටතේ ඉඩ ඇති අතර වනජීවී උද්‍යාන විවෘත කළ යුතුව ඇත්තේ දැඩි සෞඛ්‍යය විධිවිධාන යටතේයි.

එමෙන්ම භෞතිකව සම්බන්ධ නොවන ක්‍රීඩා පුහුණුවීම් කටයුතු සහ ක්‍රීඩා තරඟ සඳහා ද නව ලිහිල් කිරීම් යටතේ අවසර ලැබෙනවා.

ළමා උද්‍යාන,නවාතැන් ස්ථාන,කඳවුරු බිම් සහ ඔට්ටු ඇල්ලීමේ ස්ථානද නව ලිහිල් කිරීම් යටතේ විවෘත කෙරෙනු ඇති.

අද සිට ක්‍රියාත්මක වන නව සෞඛ්‍ය මාර්ගෝප මාර්ගෝපදේශ යටතේ ශාලාවන් තුළ පැවැත්වෙන සංගීත සංදර්ශන සඳහා ද අවසර ලබාදී ඇති අතර ඒ සඳහා සහභාගි කරගත හැක්කේ යොදාගනු ලබන ශාලාවෙන් 50% ක් වූ ප්‍රේක්ෂකයින් පිරිසක් පමණයි.

කෙසේ වෙතත් නව සීමා ලිහිල් කිරීම් යටතේ එළිමහන් සංගීත සංදර්ශන සඳහා තවදුරටත් වාරණයක් පැන වී තිබෙනවා.