Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඉන්දියාවේ යළිත් කොරෝනා ආසාධිත ගණන ඉහළට

By News Team on August 1st, 2021 in International

ගත වූ පැය 24 තුළදී ඉන්දියාවෙන් නව කොරෝනා ආසාධිතයින් 41831ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව එරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන තුන්කෝටි දස ලක්ෂයක් දක්වා ඉහළ ගියා.

ඊට අමතරව ඊයේ (31) දිනයේ වාර්තා වූ මරණ 541ක් වාර්තා වුණා.

ඒ සමඟ ඉන්දියාවේ සමස්ථ කොරෝනා මරණ ගණන 424000ක් දක්වා ඉක්මවා ගියා.

මේ අතර කොරෝනා පරික්ෂාවට ලක් කරන පුද්ගලයින් අතුරින් ආසාධිතයෙකු වීමේ ප්‍රතිශතය ප්‍රාන්ත 10ක සියයට 10 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් ඉන්දීය සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ නව කොරෝනා කේන්ද්‍රය කේරළ, මහාරාෂ්ට්‍ර, කර්නාටක, තමිල්නාඩු, ඔශිඩා, ඇසෑම්, මීසොරාම්, මේඝාලය, ආන්ද්‍ර ප්‍රදේශ් සහ මනිපුර් ප්‍රාන්තවල මෙම කොරෝනා තත්ත්වය ඉහළ ගොස් ඇති බවයි.