Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඉන්දීය විදේශ ලේකම් ලබන මස මුලදී මෙරට සංචාරයක

By News Team on September 30th, 2021 in Local

ලබන මස මුලදී ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙරට ඉහළ පෙලේ සාකච්ඡා සඳහා ඔහු සහභාගී වීමට නියමිතව ඇති.

පසුගිය සතියේ දී නිව්යෝර්ක් නුවරදී ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පිරිස් සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් අතර සාකච්ඡාවක් ද පැවැත්වුණා.

ඔක්තෝම්බර් 02 වනදා සහ 05 වනදා අතර මෙම සංචාරය තුළදී ද්විපාර්ශවික කිහිපයක් ද ආරම්භ කිරීමට නියමිතයි.