Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඉන්දීය විදේශ ලේකම් දිවයිනට පැමිණෙයි

By News Team on October 3rd, 2021 in Local

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා ඊයේ (02) දිනයේ සිව් දින නිල සංචාරයක් සඳහා දිවයිනට ළඟා වුණා.

ඔහු සමඟ උසස් නිලධාරීන් තිදෙනෙක් ද දුත පිරිස ලෙස පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ලබන 05 වනදා දක්වා ඉන්දීය විදේශ ලේකම්වරයා මෙරට රැඳී සිටීමට නියමිතයි.

විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කලේ මෙම සංචාරය දෙරට අතර පවතිනා දීර්ඝ කාලීන බහුවිධ සබඳතා තහවුරු කර ගැනීමට සහ ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීමට දායක වනු ඇති බවයි.

ඉන්දීය විදේශ ලේකම්වරයාගේ මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළදී ඔහු මහනුවර, ත්‍රිකුණාමලය සහ යාපනයේ සංචාරය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.