Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඉන්දියාවට ඕන විදියට ලංකාවේ ඡන්ද තියන්න දෙන්නේ නැහැ – පා. ම හර්ෂණ රාජකරුණා

By News Team on October 14th, 2021 in Local

ඉන්දියාවේ අවශ්‍යතාව අනුව මෙරට තුළ මැතිවරණ පැවැත්වීමට කිසිඳු අයුරකින් ඉඩ නොදෙන බව සමඟි ජන බලවේගය පවසනවා.

අද (14) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු කියා සිටියේ ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කිරීමේ හැකියාව සමඟි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂය සතු වුවද වෙනත් රට අවශ්‍යතා ඉටු කිරීම සඳහා මැතිවරණයකට ඉදිරිපත් වීමට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවයි.