Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

දකුණු අප්‍රිකාවේදී ඉන්දියාවට දරුණු එක්දින තරඟාවලි පරාජයක්

By News Team on January 24th, 2022 in Sport

සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවැති එක්දින ක්‍රිකට් තරඟාවලිය 3ට 0ක් ලෙස පුර්ණ ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.

ඒ දෙරට අතර පැවැති තුන්වැනි හා අවසන් එක්දින තරඟය දකුණු අප්‍රිකාව ලකුණු 4කින් ජය ගනිමිනි.

නිව්ලන්ඩ්ස් හි පැවැත්වුණු තරඟයේ පළමුවෙන් පන්දුවට දකුණු අප්‍රිකාව සියල්ලන් දැවී ලකුණු 287ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස ඉන්දියාව රැස් කළේ ලකුණු 283ක් පමණයි.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්වින්ටන් ඩී කොක් ලකුණු 124 රැස් කළා.

විරාට් කෝලි ඉන්දියාව වෙනුවෙන් ලකුණු 65ක් ලබා ගනු ලැබුවා.