Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මැණිකේ මගේ හිතේ ගීතයේ අයිතිය ඉන්දියාව සතුවෙයි

By News Team on September 17th, 2021 in Gossip

මෑත කාලයේ ලෝකයේ රටවල් ගණනාවක ජනප්‍රියත්වය පත් වූ යොහානි ද සිල්වා ගායනා කරන මැණිකේ මගේ හිතේ ගීතයේ අයිතිය ඉන්දියාවේ T Series ආයතනය විසින් ලබාගෙන තිබෙනවා.

මෙය ඉතිහාසගත වන්නේ T Series ආයතයනය විසින් සිංහල ගීයක් අයිතිය ලබාගත් පළමු අවස්ථාව ලෙසයි.

මේ අනුව මැණිකේ මගේ හිතේ ගීතය ඉන්දියාවේ සෑම භාෂාවකින්ම ගායනා කිරීමේ අයිතිය එම සමාගම සතුවෙයි.

මැණිකේ මගේ හිතේ ගියේ මුල් ගායකයා වන සතිෂාන් රත්නායක කියා සිටියේ යෝහානි ගායනා කරන ලද මෙම ගීතය ඉදිරියේ ඉන්දියාවේ ප්‍රසිද්ධ ගායකයෙක් ගායනා කරනු ඇති බවයි.

මේ වන විට එම ගීතය ලෝකයේ තෙවැනි ස්ථානයට පැමිණ ඇති බවත් ඉන්දියාවේ මිලියන 107ක පිරිසක් නරඹා ඇති බවද ඔහු කියා සිටියා.

ඉන්දියාවේ ටී සීරීස් ආයතනය ලෝක ප්‍රකට සංගීත සහ චිත්‍රපට නිර්මාණ ආයතනයකි.

ඉන්දියාවේ සංගීත වෙළෙඳපොළේ සියයට තිස් පහක කොටසක් හිමි කරගෙන සිටින ‘ටී සීරිස්’ සමාගමට මිලියන එකසිය අනූ එකක පරිශීලකයන් සහ මිලියන එකසිය හැට දෙකක නරඹන්නන් සංඛාවක් සහිත ලෝකයේ සිව්වැනි ස්ථානයේ ඇති යූ ටියුබ් නාළිකාවක හිමිකාරත්වය දරනු ලබනවා.