Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඉන්දියාව පළමුවරට තලේබාන් සංවිධානය සමඟ රාජතාන්ත්‍රිකව හමුවෙයි

By News Team on September 1st, 2021 in International

ඇෆ්ඝනිස්ථානයේ පාලන බලය ලබාගත් තලේබාන් සංවිධානයේ සාමාජිකයින් සමඟ ඉන්දියාව පළමුවරට ඊයේ (31) රාජතාන්ත්‍රික සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

මෙම සාකච්ඡාව කටාර් හිදී පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

තලේබාන් සංවිධානයේ දේශපාලන නායකයා වන මොහොමඩ් අබ්බාස් සමඟින් කාටර් රාජ්‍යයේ ඉන්දීය තානාපති දීපක් මිත්තාල් අදාළ සාකච්ඡාව සඳහා සහභාගී වී තිබෙනවා.

එහිදී ඇෆ්ඝනිස්ථානයේ වෙසෙන ඉන්දීය ජාතිකයන් ආරක්‍ෂිත ලෙස ඉවත් කර ගැනීම සම්බන්ධව අවධානය යොමුව ඇති බව සඳහන්.