Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

සමහර රටවල මිනිස්සු පාරේදී – ගුවනේ දී මුව ආවරණ දාන්නේ නැහැ – අමාත්‍ය ප්‍රසන්න රණතුංග

By News Team on September 15th, 2021 in Local

විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීමේදී සිදුකෙරෙන නිරෝධායන ක්‍රියාවලිය හරහා රජය මුදල් ඉපැයීමේ ජාවාරමක යෙදී ඇති බවට එල්ල වන චෝදනා ආණ්ඩුව ප්‍රතික්ෂේප කරනවා.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරන්නේ මෙරටට පැමිණෙන සියලු විදෙස්ගත ලාංකිකයන්ට තමන්ගේ අවශ්‍යතා අනූව රජය විසින් නොමිලයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත හෝ හමුදාව මගින් පාලනය කරන මුදල් ගෙවා ඇතුලු විය යුතු නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත ගොස් නිරෝධායනය වීමට අවස්ථාව සලසා දී ඇති බවයි.

එමනිසා රටේ පුරවැසියන්ගේ නිරෝධායන ක්‍රියාවලිය මගින් ආණ්ඩුව මුදල් උපයන බවට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ශේප කරන බවයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේ.

මුව ආවරණ පැළදීම, අත්වැසුම් භාවිතය, සෞඛ්‍යාරක්ෂණ ඇදුම් භාවිතය වැනි දැඩි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද ක්‍රමයෙන් ලිහිල් කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු කරන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එහිදී කියා සිටියා.