Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කිරිපිටි ආනයනයත් නවතින ලකුණු

By News Team on July 22nd, 2021 in Local

රට තුළ පවතින ඩොලර් හිඟය ඇතුළු ගැටළු කිහිපයක් හේතුවෙන් කිරිපිටි ආනයනයද සිමා කිරීමට සිදුව ඇති වාර්තා වනවා.

කිරිපිටි ආනයනකරුවන් සඳහන් කරන්නේ කිරිපිටි ආනයනය 70% කින් පමණ පහළ දැමීමට පියවර ගෙන ඇති බවයි.

මෙරට දෛනික කිරිපිටි පරිභෝජනය ටොන් 200ක් පමණ වන අතර එය මසකට ටොන් 6500ත් 8000ත් අතර ප්‍රමාණයක පවතිනවා.

කෙසේ වෙතත් ලෝක වෙළෙඳ පොළේ කිරිපිටි මිළ ඉහළ යාම, නැව් ගාස්තු ඉහළ යාම මෙන්ම ඩොලරයේ අගය ඉහළ යාම ඇතුළු ගැටළු කිහිපයක් හේතුවෙන් කිරිපිටි ආනයනකරුවන් මීට පෙර අවස්ථා කිහිපයකදී රජයෙන් ඉල්ලා තිබුණේ කිරිපිටි මිළ ඉහළ දමන ලෙසයි.