Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ගෙන්වූ පොහොර කාබනික නොවේ – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ

By News Team on October 15th, 2021 in Local

මහ කන්නය සඳහා ගොවි ජනතාවට බෙදා හැරීමට මෙරටට ගෙන්වූ ටොන් 30000ක පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර කිසිසේත්ම කාබනික පොහොරක් නොවන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ බෝග විද්‍යාව සම්බන්ධ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ මහනුවර පැවැති මාධ්‍ය හමුවකදීයි.

කෙසේ වෙතත් මෙලෙස ආනයනය කළ පොහොර ප්‍රමාණය ගොවි ජනතාවට ප්‍රමාණවත් නොමැති බවයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.