Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ප්‍රෙට්‍රල් ඩීසල් ආනයනය කිරීමෙන් රටේ ඉන්ධන අවශ්‍යතාව පිරිමැසිය නොහැකියි

By News Team on November 19th, 2021 in Local

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු නවතා දැමීම හේතුවෙන් අඛණ්ඩ ඉන්ධන සැපයුමට අනිවාර්යය බලපෑමක් එල්ලවන බව වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමය පවසනවා.

එහි සභාපති බන්ධුල සමන් කුමාර මහතා ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ පිරිපහදු කළ පෙට්‍රල් සහ ඩීසල් ආනයනය කිරීමෙන් පමණක් රටට අවශ්‍ය ඉන්ධන අවශ්‍යතාව පිරිමැසිය නොහැකි බවයි.

පිරිපහදු මධ්‍යස්ථානයේ නිෂ්පාදන කටයුතු නවතා දැමීම මඟින් මෙරටට ගෑස් සහ ගුවන් යානා ඉන්ධන සැපයුමට දැඩි බලපෑමක් එල්ලවන බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළා.