IMF ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ලබන සඳුදා ශ්‍රී ලංකාවට.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ලබන සඳුදා (16) ශ්‍රී ලංකාව පැමිණීමට නියමිතය.

තෙදින සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන ඇය එළැඹෙන බඳාදා දක්වා මෙහි රැඳී සිටීමට නියමිතව ඇත.

ඇය ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින කාලයේ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් මෙරටට සිදුවූ හානිය සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට නියමිත අතර, ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාදිය හැකි සහාය සම්බන්ධයෙන්ද සාකච්ඡා කරනු ඇති බවත් සඳහන්ය

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *