Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ළමා අපයෝජන ඡායාරූප ඇපල් දුරකථනයේ iCloudහි Save කරොත් වැඩ වරදී

By News Team on August 7th, 2021 in International

ඇපල් සමාගම ළමුන් ලිංගික අපයෝජනවලට වළක්වාලීම සඳහා නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ඇපල් දුරකථනයක් මඟින් අයි ක්ලවුඩ් වෙත ඡායාරූපයක් තැන්පත් කිරීමට පෙර එය නුසුදුසු රුවක් දැයි යන්න ස්කෑන් කර බැලීමක් සිදු කරනු ඇති.

පසුව එම ඡායාරූපයේ ළමුන් සම්බන්ධ අසභ්‍ය ඡායාරූපයක් වෙතහොත් වහාම අදාළ රටේ නීති බලගැන්වීම් නිලධාරීන්ට පැමිණිලි කිරීම මෙහිදී සිදුවනවා.

කිසියම් අයුරකින් එය ළමුන් සම්බන්ධ අසභ්‍ය ඡායාරූපයක් වෙතොත් වහාම අදාළ රටේ නීති බලගැන්වීම් නිළධාරීන්ට පැමිණිලි කිරීම මෙහිදී සිදුවනවා.