Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අපිට ගැහුවොත් ගහන්නේ වෙනම විදියකට – හිටපු ජනපති ඇමති මහින්දානන්දගේ මුණටම කියයි – (VIDEO)

By News Team on November 25th, 2021 in Local

පාර්ලිමේන්තුවේ කාරක සභා විවාදය අද (25) ආරම්භ වූ අවස්ථාවේ දී යම් උණුසුම්කාරී තත්ත්වයක් පාර්ලිමේන්තුවේදී ඇති වුණා.

ඒ ආණ්ඩු පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශවය අතරයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අදහස් දැක්වීමත් සමඟ ඔහු හා හිටපු ජනාධිපතිවරයා අතර උණුසුම් විවාදයක් ඇති වුණා.

එහිදී හිටපු ජනාධිපතිවරයා දැඩි ස්වරයෙන් මහින්දානන්ද ඇමතිවරයාට ප්‍රතිචාර දැක්වුවා

ආණ්ඩුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ තමන්ට ගැහුවොත් වෙනත් විදිහට පහර දීමටත් සූදානම් බවයි.

එමෙන්ම ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බවද ඔහු ප්‍රකාශ කළා.