Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

රට වසා නොදැම්මොත් සෞඛ්‍යය අංශ වැඩ වර්ජනයක්

By News Team on August 16th, 2021 in Local

රජය මෙම සතිය තුළ නිල වශයෙන් රට වසා දැමීම නොකළොහොත් සෞඛ්‍ය සේවකයන් හැර මෙරට අනෙකුත් සියලු ක්ෂේත්‍රවල වෘත්තීය සමිති ඒකාබද්ධ රටපුරා වැඩ වර්ජනයක් ආරම්භ කරන බවට සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව රජයට අනතුරු අඟවනවා.

කොළඹ ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවකදී එහි කැදවුම්කරු රවී කුමුදේශ් මහතා කියා සිටියේ සියලු ක්ෂේත්‍රවල වෘත්තීය සමිති අද දින රැස්වී මේ පිළිබඳ සාකච්ඡා කිරීමට සුදානම් බවයි.

ගෝලීය කොරෝනා මරණ අනුපාතයට සාපේක්ෂව මෙරට දෛනික කොරෝනා මරණ අනුපාතය ඉහළ අගයක් ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවට කළු පැල්ලමක් එක්වී ඇති බවයි ඔහු එහිදී පෙන්වා දුන්නේ.

ඒ මහතා කියා සිටියේ දත්ත කළමනාකරණයේ නොහැකියාව සහ දත්ත එකතු කිරීමේ විකෘතිය මෙම තත්වයට හේතුවී ඇති බවයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැමුන් කොවිඩ් වසංගතයේ සැබෑ තත්වය වසන් කිරීමේ අරමුණින් සිතා මතාම පී සී ආර් පරික්ෂණ ධාරිතාව අඩුකළ බවත් ඒ තුලින් මරණ අනුපාතය අසාමාන්‍ය ලෙස ඉහළදමා රට ඉදිරියේ කලූ පැල්ලමක් ඇතිකිරීම පිළිබදව එම සෞඛ්‍ය බළධාරින් වගකිව යුතු බවත් රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියා.