Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

සිකුරාදා රට වසා දැමීම සිදු නොකළොත් සඳුදා දිනයේ බලහත්කාරයෙන් හෝ රට වසා දමනවා – සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව

By News Team on August 18th, 2021 in Local

මෙරට සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමට පෙර සමස්ථ රටම දින 14 කට හුදෙකලා කරන්නැයි රජයට බල කරමින් අද දිනයේදී දිවයිනේ රෝහල් රැසක් ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාර සංවිධානය කර ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

රට සම්පූර්ණයෙන් වසා දැමුවහොත් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වගකීම සියයට සියයක්ම සිය වෘත්තීය සමිති විසින් භාර ගන්නා බවද ඔවුන් අවධාරණය කරනවා.

කෙසේවෙතත් එළඹෙන සිකුරාදා වනවිට රට වසාදැමීම සිදුනොකලහොත් සදුදා දිනය වනවිට බලහත්කාරයෙන් හෝ රට වසා දැමීමට කටයුතු කරන බවයි ඔවුන් කියා සිටින්නේ.

යම් ආකාරයකින් විද්‍යාත්මක ලොක් ඩවුන් කිරීමක් සිදුවුවහොත් ලක්ෂයක පමණ පිරිසකට පීසීආර් හෝ ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර වසංගතය පාලනය කිරීමේ සාර්ථක සැලැස්මක් තම සංගමය සතුව පවතින බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ.