Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

රට දීර්ඝ කාලයක් වසා දැමීමට සිදු වුවහොත් කැප කිරීම් කිරීමට සුදානම් වන්න – ජනපති

By News Team on August 21st, 2021 in Local

ඉදිරියේදී රට දීර්ඝ කාලයක් වසා තැබීමට සිදුවුවහොත් රටේ සියලු දෙනාම වඩාත් කැපකිරීම් කරන්න සුදානම් වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටිනවා.

මේ තීරණාත්මක මොහොතේ රටේ සියලු දෙනාම බැරෑරුම් තත්ත්වය තේරුම් ගෙන සැලසුම් සහගතව රට ඉදිරියට ගෙන ආ යුතුයි.

එම නිසා කණ්ඩායමක් ලෙස කොවිඩ් වසංගතය පරාජය කිරීමට එක්ව වැඩ කරන ලෙස සියලු දෙනා ගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

සෞඛ්‍ය අංශ පවතින තත්ත්වය සම්බන්ධයෙන් එක් කෝණයකින් බැලුවත් රජයක් ලෙස අප විදෙස් ණය ගෙවීම, වැටුප් ලබාදීම ඇතුළු විවිධ අංශ කෙරෙහි අවධානය යොමු කිරීමට සිදුව ඇති බවද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කර සිටියා.

රට නැවත වරක් සම්පුර්ණයෙන් වසා දැමීමෙන් රට ආර්ථිකයට දැඩි හානියක් සිදුවන බවත් පවතින කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් රට අද රාත්‍රී 10 සිට ලබන 30 වෙනිදා අලුයම 4.00 දක්වා තීරණය කළ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

මෙරට වාර්තා වන කොවිඩ් මරණ වලින් බහුතරයක් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් බවත් ඒ නිසා නිධන් ගත රෝග වලින් පෙලෙන අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට සතියකට වරක් හෝ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයක් සිදුකරන ලෙස තමන් සෞඛ්‍ය අංශ වෙත උපදෙස් දුන් බවද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කර සිටියා.

කොරෝනා වසංගත මැඩ පැවැත්වීමට එකම විසඳුම එන්නත්කරණය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේත්, වෛද්‍ය විශේෂඥයින්ගේ මෙන්ම ලෝකයේ සම්මතමතයයි. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට එන්නත් ගෙන්වා ගැනීමට පසුගිය කාලයේදී තමන් විශේෂ උනන්දුවක් ගත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.

චීනය, ඉන්දියාව වැනි රටවල රාජ්‍ය නායකයින්ට තමන් පෞද්ගලිකව කතා කරනු ලැබු බවත් ඒ වගේම තවත් රාජ්‍ය නායකයින්ට ලිපි යවමින් ද ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ දුත කාර්ය මණ්ඩල හරහා එන්නත් නිෂ්පාදනය කරනු ලබන රටවල් සමග සම්බන්ධ වෙමින් එන්නත් ලබා ගැනීමට කටයුතු කරනු ලැබු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම එම උත්සහයේ ප්‍රථිපලයක් ලෙස මේ වන විටසෑම මසකම ශ්‍රී ලංකාවට අවශ්‍ය එන්නත් සෑම මසකම ලැබෙමින් පවතින බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

ශ්‍රී ලංකාවට පළමුව ඉන්දියාවේ ඇස්ට්‍රාසෙනිකා එන්නත ලැබූ බවත්, දෙවනුවට චීනයෙන් සයිනෝෆාම් එන්නත ලැබුවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබාදීම මසකින් ප්‍රමාද වු බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

කෙසේ වෙතත් පසුගිය මැයි මස 08 වෙනිදා සිට සයිනොෆාම් එන්නත අඛන්ඩව ජනතාවට ලබාදීමට හැකියාව ලැබු බව ජනාධිපතිවරයා සඳහන් කළා.

අමෙරිකාවෙන් ෆයිසර් සහ මොඩර්නා එන්නතත්, ජපානයෙන් ඇස්ට්‍රාසෙනිකා එන්නත සහ රුසියාවෙන් ස්පුට්නික් එන්නත් ලැබී තිබෙන නිසා ලෝකයේ එන්නත් ලබා දෙන රටවල් අතර ශ්‍රී ලංකාව ඉහලින්ම සිටින බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ.