Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

30 වනදා රට විවෘත නොවුණහොත් බලපතළ කඩා වැටීමකට ලක්විය හැකියි – රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර

By News Team on August 23rd, 2021 in Local

ලබන 30 වනදා විට රට නැවත විවෘත කිරීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

අද (23) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී ඔහු කියා සිටියේ රට යම් හෙයකින් 30 වනදා විවෘත කිරීමට හැකි නොවුනොත් ක්ෂේත්‍ර කිහිපයකම බරපතළ කඩා වැටීමකට ලක්විය හැකි බවයි.

සෞඛ්‍යය අංශවල දැඩි ඉල්ලීම මත රට වසා දැමීමට ජනාධිපතිවරයා තීරණය කළත් එය ඉතා අසීරු තීරණයක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.