Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඉන්ධන ලැබුණොත් අද සහ හෙට විදුලි කප්පාදුවක් නැහැ

By News Team on January 25th, 2022 in Local

ඉන්ධන අවශ්‍ය පරිදි ලැබුණහොත් අද සහ හෙට විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය නොවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

ඊයේ (24) පස්වරු වන විට දැවි තෙල් මෙට්‍රික් ටොන් 100ක් ලැබීමත් සමඟ කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට මණ්ඩලයට හැකි වුණා.

ලංකා විදුලි ඉංජිනේරු සංගමය ද කියා සිටියේ ප්‍රමාණවත් තරම් ඉන්ධන ලැබීමත් සමඟ සැලසුම් කර තිබු විදුලි කප්පාදුව සිදුනොකළ බවයි.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය හමුවේ ඉදිරි දින කිහිපයේ කප්පාදුවකින් තොරව විදුලිය ලබාදිය හැකියාව ඇති බවයි.