Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

සහල් සඳහා ලබාදී ඇති නිදහස අනිසි ලෙස භාවිතා කළොත් මැදිහත් වෙනවා – රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න

By News Team on September 29th, 2021 in Local

සහල් සඳහා ලබා දී ඇති නිදහස මහා පරිමාණ සහල් මෝල් හිමියන් විසින් අනිසි ලෙස භාවිතා කළහොත් ඒ සඳහා රජය සෘජුව මැදිහත් වන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර සහල් පාලන මිළ ගැසට් නිවේදනය අහෝසි කිරීමත් සමග ඉදිරියේදී වෙළදපොලේ විකිණීමට ඇති සහල් වර්ග වල සිල්ලර මිළ ගණන් මහාපරිමාණ මෝල් හිමියන් විසින් ඊයේ (28) පස්වරුවේ ප්‍රකාශයට පත් කලා.

ඒ අනුව රුපියල් 98 ක් වශයෙන් මිළ පාලනය කර තිබූ නාඩු සහල් කිලෝවක් රුපියල් 115 කටත්, රුපියල් 103 ක් වශයෙන් මිළ පාලනය කර තිබූ සම්බා සහල් කිලෝවක් රුපියල් 140 කටත්, රුපියල් 125 ක පාලන මිළක් යටතේ තිබූ කීරි සම්බා සහල් කිලෝව රුපියල් 165 බැගිනුත් අලෙවි කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.