Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

මාව නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති කළේ අගමැති තුමා – නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා

By News Team on October 26th, 2021 in Local

නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයට තමාව පත් කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා පවසනවා.

මහනුවර ප්‍රදේශයේ දී පැවැති උත්සවයකට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ තමා යළිත් දේශපාලනයට ඒවි දැයි කිව නොහැකි බවයි.

“අඩු ආදායම් ලාභී අහිංසක, දුප්පත් ජනතාව වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් ආයතනයක් තමයි නිවාස සංවර්ධන අධිකාරිය. විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් වැඩ කරපු මනුස්සයෙක් වශයෙන් මට තේරෙනවා මේ ජනතාවගේ දුක කොහොමද කියලා.

ඒ නිසා තමයි අග්‍රාමාත්‍යතුමා මට නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිධුරය ලබා දුන්නේ. අනාගතයේදි අපි නිවාස 70000ක් හදන්න සැලසුම් කරලා තියෙනවා. අපිට අවශ්‍ය මිනිස්සුන්ට වැඩ කරන්න.

එහෙම අයට තමයි මිනිස්සු ආදරය කරන්නේ. මම දන්න් නෑ මම දේශපාලනයට එයිද නැත්ද කියලා. අපි කැපවෙලා වැඩ කරන නිසා තමයි අපිට යම්කිසි දෙයක් භාර දෙන්නේ.

මිනිහෙක් සංතෝෂ වෙනවනම් සල්ලි නැත්නම් මම සල්ලි දීලා ගේ අරන් දෙනවා. ඒ මම අපිට අවශ්‍ය උවමනාව මිසක් මනුස්සයෙක්ගෙන් ගරා ගැනීම නෙමෙයි.

අද නිවාස සංවර්ධන අධිකාරිය ඉතාම දූෂිතයි. මම උදේ අට හමාරට ආවම රෑ නමයයි, දහයයි ගෙදර යද්දී. අපේ ඔෆිස් එකේ හතර වෙනකොට කට්ටිය යනවා.

ඉතින් මටම පුදුමයි ඇයි කියලා. මොකද මට ඒක පුරුදු නෑ. ඇවිල්ලා කෑම කන්න පැයයි. නිකම්ම ඉන්නවා. හතර වෙනකොට බස් එකට දුවන්න ඕන. එහෙම බෑ. කැපවෙලා වැඩ කරන්න ඕන. රටක් දියුනු වෙන්න නිලධාරින් කැපවෙලා ඉන්න ඕන.”