Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

අලි ඇතුන් බලහත්කාරයෙන් නිදහස් කරපු නිසයි මම ධුරයෙන් ඉවත් වුණේ – ඉෂිනි වික්‍රමසිංහ

By News Team on September 11th, 2021 in Local

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් ලෙස කටයුතු කළ ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වුණා.

ඇය මෙලෙස ධුරයෙන් ඉවත් වුණේ නඩු භාණ්ඩ වශයෙන් පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටි අලි ඇතුන් නිදහස් කිරීමට ගත් හේතුවෙන්.

අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් අලි ඇතුන් යළිත් මුල් හිමිකරුවන් වෙත නිදහස් කිරීමට කටයුතු කළා.

පසුගිය රජය සමයේ නීති විරෝධී ලෙස තබාගත් බව කියමින් මෙම අලි ඇතුන්ගේ හිමිකරුවන්ට නඩු පවරනු ලැබුවා.

කෙසේ වෙතත් ඊයේ (10) දිනයේ ෆේස්බුක් ගිණුම හරහා ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය කියා සිටියේ පින්නවලින් අලි ඇතුන් රැගෙන යාම පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කළේ ඔවුන් ආරක්ෂා කිරීමේදී තමා අසරණ වූ බවයි.

අදාළ ෆේස්බුක් සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබුණේ එක් පුද්ගලයෙකුගේ කැමැත්තට පින්නවල රඳවා සිටි එම අලි ඇතුන් බලහත්කාරයෙන් රැගෙන ගිය බවයි.