Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මට අත්දැකීම් අඩුයි – අගමැති මැදිහත් වෙන්න ඕන – ජනපති කැබිනට් මණ්ඩලයේ දී කියයි

By News Team on October 8th, 2021 in Exclusive Story

තමා දීර්ඝ කාලීන දේශපාලන පවුලක සාමාජිකයෙක් වුවත් තමන්ට පෞද්ගලිකව දේශපාලන අත්දැකීම් අඩු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඊයේ (07) පැවැති විශේෂ කැබිනට් මණ්ඩල හමුවේදීයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇති බව වාර්තා වේ.

ඒ නිසා දේශපාලනයේ 60 වසරක අත්දැකීම් ඇති අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන මැදිහත්වීම වැඩි වශයෙන් තමා බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටින්නේ තමා ජනාධිපති වූ පසු දේශපාලන අත්දැකීම් ලබමින් සිටින බවයි.