Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

හොකොං රාජ්‍යය ශ්‍රී ලංකාව කොරෝනා අවධානම් රටක් ලෙස නම් කරයි

By News Team on August 19th, 2021 in Local

කොරෝනා වෛරස හේතුවෙන් ශ්‍රී ලංකාව අවධානම් සහිත රටක් ලෙස නම් කිරීමට හොකොං රාජ්‍යය පියවර ගෙන තිබෙනවා.

එය අද (20) සිට බලපැවැත්වෙන පරිදි එහි පාලනාධිකාරිය මෙම පියවර ගෙන ඇති බවයි චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලේ ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන පුද්ගලයින් සදහා නිරෝධායන නීති දැඩි කිරීමටද හොංකොං පානාධිකාරියේ බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය , කාම්බෝජය , ප්‍රංශය ,ග්‍රීසිය ,ඉරානය සහ මැලේසියාව ඇතුළු තවත් රටවල් 15ක්ද එහි අවදානම් රටවල් ලැයිස්තුවට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ලංකාව ඇතුළු මෙම රටවල් කොවිඩ් ඩෙල්ටා ප්‍ර‌භේදයේ ව්‍යාප්තිය සීඝ්‍රයෙන් සිදුවන බවත් , එම රටවල් වලින් ඉතාම කෙටි කාලයක් තුළ කොරෝනා ආසාදිත විශාල රොගීන් සංඛ්‍යාවක්ද වාර්තා වීමත් සමග හොංකොං පාලනාධිකාරිය මෙම තීරණය ගෙන තිබෙනවා.