Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

2022 IPL ක්‍රීඩක වෙන්දේසියට එක්වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ලැයිස්තුව මෙන්න

By News Team on February 1st, 2022 in Sport

මේ වසරේ IPL ක්‍රිකට් තරඟාවලිය ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරන අවසන් නම් ලැයිස්තුවට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 23 දෙනෙක් ඇතුලත්ව තිබෙනවා.

මෙවර ක්‍රීඩක වෙන්දේසියට එක්වන සමස්ථ නාම ලේඛන සඳහා ක්‍රීඩකයන් 590ක් ඇතුළත්.

මීට පෙර ක්‍රීඩකයන් 1214ක් අදාළ වෙන්දේසියට එක්වීමට නියමිතව තිබුණත් විවිධ සලකා බැලීමේ නිර්ණායක යටතේ එය 590ක් දක්වා අවම කිරීමටයි තරඟ සංවිධායකයන් පියවර ගෙන ඇත්තේ.

මෙවර IPL ක්‍රීඩක වෙන්දේසිය ලබන 12 හා 13 යන දෙදින බැංගලෝරයෙදී පැවැත්වීමට නියමිතව අතර තරඟාවලිය අප්‍රේල් 02 වනදා ආරම්භ වීමට නියමිතයි.

වෙන්දේසියට ඉදිරිපත් වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හා ඔවුන් ලියාපදිංචි වී ඇති මූලික වටිනාකමක් සහිත කාණ්ඩය –

වනිදු හසරංග – ඉන්දීය රුපියල් කෝටි 1
දුෂ්මන්ත චමීර – ඉන්දීය රුපියල් ලක්ෂ 50
මහේෂ් තීක්ෂණ – ඉන්දීය රුපියල් ලක්ෂ 50
චරිත් අසලංක – ඉන්දීය රුපියල් ලක්ෂ 50
නිරෝෂන් දික්වැල්ල – ඉන්දීය රුපියල් ලක්ෂ 50
කුසල් මෙන්ඩිස් – ඉන්දීය රුපියල් ලක්ෂ 50
කුසල් පෙරේරා – ඉන්දීය රුපියල් ලක්ෂ 50
අකිල ධනංජය – ඉන්දීය රුපියල් ලක්ෂ 50
භානුක රාජපක්ෂ – ඉන්දීය රුපියල් ලක්ෂ 50
මතීෂ පතිරණ – ඉන්දීය රුපියල් ලක්ෂ 20
අවිශ්ක ප්‍රනාන්දු – ඉන්දීය රුපියල් ලක්ෂ 50
පැතුම් නිස්සංක – ඉන්දීය රුපියල් ලක්ෂ 50
චාමික කරුණාරත්න – ඉන්දීය රුපියල් ලක්ෂ 50
දසුන් ශානක – ඉන්දීය රුපියල් ලක්ෂ 50
කෙවින් කොත්තිගොඩ – ඉන්දීය රුපියල් ලක්ෂ 20
තිසර පෙරේරා – ඉන්දීය රුපියල් ලක්ෂ 50
ළහිරු කුමාර – ඉන්දීය රුපියල් ලක්ෂ 50
ඉසුරු උදාන – ඉන්දීය රුපියල් ලක්ෂ 50
නුවන් තුෂාර – ඉන්දීය රුපියල් ලක්ෂ 20
ධනුෂ්ක ගුණතිලක – ඉන්දීය රුපියල් ලක්ෂ 50
ධනංජය ලක්ෂාන් – ඉන්දීය රුපියල් ලක්ෂ 50
සීක්කුගේ ප්‍රසන්න – ඉන්දීය රුපියල් ලක්ෂ 50
දුනිත් වෙල්ලාලගේ – ඉන්දීය රුපියල් ලක්ෂ 20