Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අනුරගේ වාහනයට බිත්තර ප්‍රහාරය කළ අය ගැන හෙළි වූ අලුත්ම තොරතුර මෙන්න

By News Team on January 31st, 2022 in Local

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැමිණි මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා.

මේ වන විටත් එම සිද්ධියට අදාළ ව පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුවට සහභාගි වීම සඳහා ඊයේ (30) එහි නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් කලගෙඩිහේන ප්‍රදේශයට පැමිණ තිබුණා.

එහි සිටි කිසියම් පිරිසක් බිත්තර ප්‍රහාරයක් එල්ල කර තිබුණේ, එම අවස්ථාවේදියි.

පසුව සමුළුවට සහභාගිවීමට පැමිණ සිටි පාක්ෂිකයින් පිරිසක් විසින් බිත්තර ප්‍රහාරය එල්ල කළ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු පොලීසියට භාර දීමට කටයුතු කර තිබුණා.

අදාළ බිත්තර ප්‍රහාරය එල්ල කරන පුද්ගලයින් හා එම බිත්තර ප්‍රහාරය එල්ල කරන ආකාරය අසල තිබූ සී.සී.ටී.වී කැමරාවක සටහන් වී තිබුණා.