Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අමෙරිකාවේ දැඩි හිමපතනය හේතුවෙන් දෛනික ජන ජිවිතයට දැඩි බලපෑම්

By News Team on January 30th, 2022 in International

අමෙරිකාවේ නැගෙනහිර කලාපයට මේ දිනවල බලපා ඇති දැඩි හිමපතනය හේතුවෙන් දෛනික ජන ජිවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

මේ හේතුවෙන් ප්‍රාන්ත 05කට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

අයහපත් කාලගුණය හමුවේ ගුවන් ගමන් 6000ක් පමණ අවලංගු කර තිබෙනවා.

ඇතැම් ස්ථානවලට අඩි 02කට වඩා උසට හිමපතනය වී ඇති බවද වාර්තා වනවා.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස ලක්ෂයකට පමණ විදුලිබලය තවමත් අඩාලව පවතින බවද එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.