Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර් 100කට තද වැසි

By News Team on September 27th, 2021 in Local

ප්‍රදේශ රැසකට අද දිනයේදීත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කළුතර, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්වලත් සබරගමුව පළාතේත් අධික වැසි තත්වයක් පැවතිය හැකියි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ නිවේදනයේ සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර ගුලාබ් සුළි කුණාටුව ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් සහ ඔදීශා ප්‍රාන්තවල වෙරළ තීරයන්ගෙන් ගොඩබිමට ඇතුලු වී තිබෙනවා.

ඉදිරි පැය 03 තුළදී එය ජනාවාස ප්‍රදේශ වෙත ගමන් කරනු ඇති බවයි ඉන්දීය කාළගුණ අංශ සඳහන් කලේ.

පැයට කිලෝමීටර් 100 ක වේගයෙන් සුළං හමායන මෙම කුණාටුව හේතුවෙන් ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින්නැයි ජනතාවට උපදෙස් දී තිබෙනවා.