Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

යළිත් සෞඛ්‍ය සේවයේ වර්ජනයක්?

By News Team on July 11th, 2021 in Local

වෘත්තීය සමිති ඉල්ලීම්වලට අදාළව සෞඛ්‍ය අමාත්‍යවරිය සමඟ ඇතිකරගත් එකඟතා නොසලකා හැරීමක් සිදුවුවහොත් ලබන බදාදා දිනයේ සිට නැවත වෘත්තීය ක්‍රියාමාර්ග අවතීර්ණ වන බව පරිපුරක වෛද්‍ය සේවා ඒකාබද්ධ මණ්ඩලය දැනුම් දෙනවා.

පසුගිය 06 වනදා සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ සාකච්ඡාවේදී ඇති කරගත් එකගතාවයන්ට අනූව පරිපූරක වෛද්‍ය සේවාවේ හා අතුරු වෛද්‍ය සේවාවේ උසස්වීම් හා මාණ්ඩලික තත්ත්වයට අදාළව හෙට (12) අමාත්‍ය මණ්ඩලය වෙත අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කිරීමටයි තීරණය වූයේ.

ඒ සමග අනෙකුත් ඉල්ලීම් පිළිබඳවද සාකච්ඡා කිරීමටත් තීරණය වූ බව සදහන්.

කෙසේ නමුත් අදාල අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කිරීම සඳහා මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශය තුල නිසි සැලැස්මක් නොමැති බවට නිරීක්ෂණය වී ඇති බවයි පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ මණ්ඩලය චෝදනා කරන්නේ.

ඒ හේතුවෙන් එකග වූ පරිදි අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව හෙට දිනයේදී අමාත්‍ය මණඩලය වෙත ඉදිරිපත් නොකරන්නේ නම් අත්හිටවූ වැඩවර්ජන ක්‍රියාමාර්ගය ලබන බදාදා දිනයේ සිට නැවත ආරම්භ කිරීමට සිදු වන බවයි පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ මණ්ඩලය නිවේදනය කළේ.