Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

හරීන් අදත් CIDයට පැමිණෙයි

By News Team on July 28th, 2021 in Local

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද (28) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව පසුගිය අප්‍රේල් මාසයේ දී පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා මීට පෙර අවස්ථා කිහිපයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීමට කටයුතු කළා.

මන්ත්‍රීවරයා අද (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.