Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ජනගහනයෙන් අඩකට රට වසා දැමීමේ පීඩනය තවදුරටත් දරා ගන්න බැහැ – රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්

By News Team on August 28th, 2021 in Local

රට තවදුරටත් වසා දැමීම ශ්‍රී ලංකාවට ඔරොත්තු නොදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

ජනගහනයෙන් අඩකට මෙම අඟුළු දැමීමේ විපාක වලට මුහුණු දීමට නොහැකි බවයි සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටින්නේ.

ලක්ස 45කට අධික සුළු සහ මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයේ මේ හේතුවෙන් ඇතිවෙන පීඩනය තවදුරටත් දරාගත නොහැකි බවද කබ්රාල් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

රට දීර්ඝ කාලීනව සිදුවන හානිය දැවැන්ත බවයි රාජ්‍ය අමාත්‍යවරයාගේ ස්ථාවරය වන්නේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටින්නේ දැඩි සෞඛ්‍යය රීති ක්‍රියාත්මක කරනවාත් සමගම, රට විවෘතව තිබිය යුතු අතර රාජකාරී, ව්‍යාපාරික සහ අනිකුත් කටයුතු අඛණ්ඩව සිදුවිය යුතු බවයි.